Friday, September 20, 2024

General line - 0115112241

පාද යාත‍්‍රාවට පැමිණීම ගැන මහින්දගෙන් ප්‍ර‍කාශයක්




ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය මගින් සංවිධාන කරන ‘ජනසටන’ විරෝධතා පාද යාත‍්‍රාවට තමන්ද සහභාගි වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.

ඔහු ප‍්‍රකාශ කළේ ආණ්ඩුවට එරෙහි සියලු බලවේග එක්රැස් කිරීම තම මූලිකත්වයෙන් සිදු කෙරෙන බවයි. ලබන 28 වනදා ඒකාබද්ධ විපක්‍ෂය මගින් සංවිධාන කරන ‘ජනසටන’ විරෝධතා පාද යාත‍්‍රාව මහනුවරින් ආරම්භ කෙරෙනවා.

කෙසේවෙතත් මෙම පාද යාත‍්‍රාව කඩාකප්පල් කිරීමට ආණ්ඩුව විවිධ උත්සාහයන් දරමින් සිටින බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේ.

මේ වන විට කොළඹ නගරයේ සියලු ක්‍රීඩාංගණ ඇතැම් පිරිසක් විසින් වෙන් කරවාගෙන ඇති බවත් සිය පාද යාත්‍රාවේ ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර අවලංගු කර ඇති බවත් මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවා. සිය පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ආණ්ඩුවේ වැරදි විවේචනය කිරීමට අවසර දී ඇති බවත් හෙතෙම සඳහන් කළා.