Friday, September 20, 2024

General line - 0115112241

මුදල් කොල්ලකෑ 10ක් අල්ලයි




අනුරාධපුර ජයශී‍්‍ර මහා බෝධින් වහන්සේ අභියස පැවැත්වෙන පූජාවකට සහභාගිවීමට පැමිණි සැදැහැවතුන්ගේ මුදල් සහ බඩුබාහිරාදිය සොරකම් කළ බව කියන දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර කාන්තාවන් 8 දෙනෙකුද සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඔවුන් සතුව තිබී සොරාගන්නා ලද මුදල් පසුම්බි 12 ක්, ජංගම දුරකතන 06 ක් ටැබ්ලට් වර්ගයේ පරිගණකයක්ද සොයා ගැනුනා.

සැකකරුවන් ග‍්‍රෑන්ඩ්පාස්, හලාවත සහ පුත්තලම ප‍්‍රදේශවල පදිංචිකරුවන් වනවා. ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.