එක්සත් ජාතික පක්ෂයේ උපදේශන මණ්ඩලය අද (11) පස්වරුවේ රැස් වනවා. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීයි. පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා පත් කෙරුණු මෙම කමිටුව රැස්වන පළමු අවස්ථාව ද මෙයයි.
අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, හරීන් ප්‍රනාන්දු, මංගල සමරවිර, රංජිත් මද්දුම බණ්ඩාර, ගයන්ත කරුණාතිලක යන අමාත්‍යවරුන් එම කමිටුවට ඇතුළත්. ඉරාන් වික්‍රමරත්න, රුවන් විජේවර්ධන, අජිත් පී පෙරේරා යන රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍ය ජේසී අලවතුවල ද කමිටුව නියෝජනය කරනවා. 12 දෙනෙකුගෙන් සමන්විත එම කමිටුවේ අනෙක් සාමාජිකයින් දෙදෙනො වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ අශෝක ප්‍රියන්තයි.
අප්‍රේල් මස 30 වනදාට පෙර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංධාන කටයුතු අවසන් කිරීමටයි තීරණය වී ඇත්තේ.
ඒ අනුව පක්ෂයේ තනතුරු වෙනස් වන ආකාරය පිළිබඳ මෙහිදි සාකච්ඡාවට ගන්නා බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ.