Wednesday, February 5, 2025

General line - 0115112241

කැබිනට් මාරුවකට තවත් තීරණයක් අපේක්ෂාවෙන්

දිල්ෂාන් තුෂාර




නිදහස් පක්ෂයේ තීන්දුව ලැබීමෙන් පසු නව කැබිනට් මණ්ඩලය අලුත් අවුරුද්දට පෙර දිවුරුම් දීමට නිමයමිත බව අමාත්‍ය රාජිත සේනාරත්න  පවසනවා. ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය අද (11) දිනයේ දී දැනුම් දෙනු ඇති බව තමන් අපේක්ෂා කරන බවයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (11) කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

මෙය කැබිනට් සංශෝධනයක් නොවන බවත් නව කැබිනට් මණ්ඩලයක් ලෙස ප්‍රකාශයට පත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

නව කැබිනට් මණ්ඩලයක් ලෙස මෙය පත් කරනු ලැබූවද බොහෝ අමාත්‍යාංශ වෙනස් නොවන බවත් එහෙත් නව කැබිනට් මණ්ඩලයක් ලෙස දිවුරුම් දීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා  කියා සිටියේ.

අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව කටයුතු කළ කිසිවෙකුටත් අමාත්‍ය මණ්ඩලයේ රැඳි සිටිය නොහැකි  බවයි  අමාත්‍යවරයා   සඳහන්  කළේ. එය තමාගේ ද ස්ථාවරය බවයි ඔහු මෙහිදී සඳහන් කියා සිටියේ.