Wednesday, February 5, 2025

General line - 0115112241

සයිප්‍රස් රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට 




සයිප්‍රස්හි රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් එප්පාවල, මැඩියාව හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින්. සැකකාරියට රුපියල් ලක්ෂ 7ක මුදලක් ලබාදී සයිප්‍රස් රාජ්‍යයට ගිය පසු පොරොන්දු වූ රැකියාව නොලැබීම හේතුවෙන් නැවත මෙරටට පැමිණි අයෙකු විසින් මෙම පැමිණිල්ල කර තිබෙනවා. 

ඒ අනුව විදේශ සේවා කාර්යංශය සිදු කළ වැටලීමකදීයි මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.