අලූතින් පිහිටවූ පළාත් පාලන ආයතනවල සිදුවන අර්බුද පිළිබද අද දිනයේද තොරතුරු වාර්තා වුණා. ඒ, කොළොන්න සහ හලාවත යන ප‍්‍රාදේශීය සභාවලයි.
හලාවත ප‍්‍රාදේශීය සභාවේ බලය හිමිකර ගත් පොදුජන පෙරමුණට අද දිනයේ එම බලය පෙන්වීමට නොහැකිවීම හේතුවෙන් පොදුජන පෙරමුණේම සභාපතිවරයා ගෙනආ පළමු යෝජනාවම පරාජයට පත් වුණා. හලාවත ප‍්‍රාදේශිය සභාවේ මංගල රැස්වීම අද (11) පැවති අවස්ථාවේ මෙලෙස පරාජයට පත්වුණේ පොදු කාරක සභාව පත් කිරීමට අදාළ යෝජනාවයි. ඒ සදහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර එහිදී යෝජනාවට පක්‍ෂව ඡන්ද 14 ක්ද විපක්‍ෂව ඡන්ද 16 ක් ද හිමි වුණා.
ඒ අනුව සභාවේ පාලනය පිළිබද තීරණ ගැනීමට පත්කළ පොදු කාරක සභාවට සභාපතිවරයා යෝජනා කළ කණ්ඩායම පරාජයට පත් වී වෙනත් කණ්ඩායමක් තේරීපත්වීමයි එහිදි සිදුවුණේ.
මේ අතර කොළොන්න ප‍්‍රාදේශීය සභාවේ මංගල සැසි වාරයේදීම එහි බලය පිහිටවූ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරුන් දෙදෙනෙකු ස්වාධීනව කටයුතු කරන බව පැවසීමත් සමග යළි අර්බුදයක් මතු වුණා. එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍රවරුන් එහිදී කියාසිටියේ සභාවේ බෙදිමක් ඇති බවත් සභාපතිවරයාගේ බහුතරය පෙන්විම සදහා ඡන්දයක් පැවැත්විය යුතු බවයි.
ඒ සමගම සභාවේ ඇති වූයේ නොසන්සුන් තත්ත්වයක්. පසුව කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොකරන කොළොන්න ප‍්‍රාදේශිය සභාවේ මංගල සැසි වාරය අද දින නියමයක් නොමැතිව කල් තැබුණා.