සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය බොහෝ දෙනෙකු අද යළිත් ඔවුන් රැුකියා කරන ප්‍රදේශ වෙත පැමිණියා. මගීන්ගේ පහසුව සඳහා අතිරේක බස් සේවා යොදවා තිබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නෙ
අද (15) දිනයේ මෙන්ම හෙටත් (16) මගී අවශ්‍යතාව පරිදි අතිරේක බස් සේවා යොදවන බව ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවා. පෞද්ගලික බස්ද වැඩි ප්‍රමාණයක් හෙට ධාවනයට යෙදවෙනු ඇතැයි අපේක්ෂිතයි. ගම්බිම් බලා ගොස් යළි රැුකියා කරන ප්‍රදේශවලට පැමිණෙන්නන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය සේවාද යොදවා තිබෙනවා.