මේ දිනවල යෙදි තිබෙන අවුරුදු නිවාඩු සමයේදී බොහෝ දෙනෙකු විනෝද චාරිකාවල යෙදී සිටිනවා. කෙසේවෙතත් එලෙස චාරිකා ගොස් ආගන්තුක ස්ථානවල දිය නෑමේදී වඩාත් සැලකිලිමත් වන ලෙසයි පොලිසිය සිහි කැඳවන්නේ. ඉකුත් දින කිහිපයේදී දියේ ගිලීමෙන් සිදුවූ අනතුරු රැසක්ද වාර්තා වී තිබෙනවා.
බොහෝ ප්‍රදේශවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලාශවල හදිසියේ ප්‍රභල ජල පහරවල් ඇති විය හැකියි. එවැනි ජල පහර ඉතා අනතුරුදායක බවද පොලීසිය පැවසුවා. ඒ අනුව ජීවිතාරක්ෂන නිලධාරීන් යොදවා සිටින හෝ දිය නෑමට ආරක්ෂිත බවට තහවුරු කර ඇති ස්ථානවලින් හැර වෙනත් ස්ථානවලින් දිය නෑමට නොයන ලෙසයි පොලීසිය උපදෙස් දෙන්නේ.
පොලිස් වාර්තාවලට අනුව මෙම වසරේ පළමු මාස දෙක තුලදි දියේ ගිලීම හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 93ක්.