Friday, January 10, 2025

General line - 0115112241

එජාප ප්‍රතිසංවිධාන කටයුතු ගැන කමිටුවෙන් ප්‍රකාශයක්

ඩිල්ෂාන් මඩවල




තනතුරුවල වෙනසක්ද සහිතව එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු ලබන 30 වැනිදා වන විට අවසන් කිරීමට ඒ සඳහා පත් කෙරුණු කමිටුව තීරණය කර තිබෙනවා.

මේ ඒ පිළිබඳ කරුණු දක්වන නියෝජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල පෙන්වා දුන්නේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ප්‍රමාද වුයේ නම් ඊට හේතුව විශ්වාසභංගයේදී අගමැතිට එරෙහිව ඡන්දය භාවිතා කළ ශ්‍රීලනිප ඇමතිවරුන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නට සිදු වීම නිසා බවයි.

මෙම කමිටුවේ මීළඟ රැස්වීම ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිතව ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.