ගම්බිම් බලා ගිය අයට ආපසු රැකියා කරන ප්‍රදේශ වෙත පැමිණීමට අදත් (16) විශේෂ බස් සහ දුම්රිය සේවා කි‍්‍රයාත්මක වනවා.
ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී ධාවන පී. එච්. ආර්. ටී. චන්ද්‍රසිරි සඳහන් කළේ අද දින ධාවනය සඳහා බස් රථ 5400ක් පමණ එක් කර ඇති බවයි. සිය ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකරුවන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු වන බවද පෙන්වා දුන්නා. මගී අවශ්‍යතාව අනුව මෙහි වෙනස්කම් සිදු වෙනු ඇති බවද පෙන්වා දුන්නා.
සාමාන්‍ය මාර්ගවල ධාවනයට යොදවා තිබෙන බස් රථවලට අමතරව අධිවේගී මාර්ගවල ධාවනයට ද ශී‍්‍ර ලංගම බස් රථ 122ක් යොදවා ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. මෙම විශේෂ සේවා ලබන 25 වනදා දක්වා සිදු කරන බවද ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවා.
මගී අවශ්‍යතාව පරිදි හැකි පමණ බස්රථ ප්‍රමාණයක් ධාවනයට යොදවන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයද පවසන්නේ. කෙසේවෙතත් පෞද්ගලික බස් සේවා සම්පූර්ණයෙන් කි‍්‍රයාත්මක කිරීමට අදත් නොහැකිවනු ඇතැයිද එහි සභාපති ගැමුණු විජේරත්න මෙහිදී ප්‍රකාශ කළා.
මේ අතර ගම්බිම් බලා ගිය අයට ආපසු රැකියා කරන ප්‍රදේශ වෙත පැමිණීමට විශේෂ දුම්රිය සේවාද ඉකුත් දින කිහිපයේදී මෙන් අදත් කි‍්‍රයාත්මක වනවා.
ඒ පිළිබඳ කරුණු දක්වන අතිරේක දුම්රිය සාමාන්‍යාධීකාරී විජය සමරසිංහ පෙන්වා දුන්නේ අද දින පෙරවරු 8.07ට බණ්ඩාරවෙල සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් ධාවනය වෙන බවයි. පස්වරු 4.46ට පමණ එය කොළඹ කොටුවට ළඟා වෙනු ඇති බවද සඳහන් කළා. ඊට අමතරව මාතරින් රාත්‍රි 7.00ට දුම්රියක් ධාවනය වෙන අතර එය රාත්‍රි 10.50ට පමණ මරදානට ළඟා වෙනු ඇති. පස්වරු 6.50ට කොළඹ කොටුවෙන් ආරම්භ වන දුම්රියක් ගාල්ල බලා ධාවනය වන අතර එය රාත්‍රි 9.12ට පමණ ගාල්ලට ළඟා වෙනු ඇති බවද සඳහන් කෙරුණා. හෙට (17) දින ගාල්ලෙන් පෙරවරු 7.05ට දුම්රියක් ධාවනය වන අතර එය පෙරවරු 9.22ට මරදානට ළඟා වෙනු ඇති බවද සඳහන් කළා. අනතුරුදායක ලෙස දුම්රියේ ගමන් කිරීමෙන් වළකින ලෙස මගීන්ගෙන් විශේෂ ඉල්ලීමක්ද කෙරුණා.