විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ අරමුණින් ගෙන එන විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ඉදිරි සැසිවාරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස ගෙන එන එම යෝජනාවට සියලූ පක්ෂවල සහාය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
අදාළ යෝජනාව සම්මත කරගන්නා දිනයේ සිට විධායක ජනාධිපති ධූරය අහෝසි වීම, වත්මන් ආණ්ඩුව විසුරුවා හැරීම සිදුවන්නේ නම් ඒකාබද්ධ විපක්ෂය ඊට සහාය දැක්වීමට සුදානම් බව ඉකුත්දා ප‍්‍රකාශ කළා.
එමෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ තවත් නියෝජිතයන් කිහිපදෙනෙකුද එම යෝජනාව සම්බන්ධයෙන් විවිධ අදහස් පළකළා. බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රිවරයාගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන්ද නෙත් නිවුස් පාර්ලිමේන්තු මන්ත‍්‍රි නලින්ද ජයතිස්සගෙන් කරුණු විමසීමක් කළා.
අදාළ යෝජනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සුබවාදී ලෙස දකින් බවත් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ද එය ඒ ආකාරයන් දකින් බවත් ඔහු සඳහන් කළා. එමෙන්ම ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති සංශෝධන ද ඊට අඩංගු වන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.