Friday, September 20, 2024

General line - 0115112241

කානුවේ මරණය ඝාතනයක්! අයියා මලෝ කොටු

පාලිත ආරියවංශ - බදුල්ල




බණ්ඩාරවෙල අයිස්ලැබී වත්තේ තේ කානුවක තිබි සොයාගත් සැකකටයුතු පුද්ගල මරණය මනුෂ්යක ඝාතනයක් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි බණ්ඩාරවෙලපොලිසිය පවසනවා . මෙසේ ඝාතනය ලක්ව තිබුනේ එම වත්තේම පදිංචිව සිටි ආරුමුගම් දේවේන්ද්‍රන් (38) නැමත්තෙකි . ඉකුත් 26 වනදා සිට ඔහු අතුරුදන් ව තිබු අතර පසුගිය මස (මාර්තු) 28 වනදා වත්තේ තේ දලු කානුවක තිබි මෙම මෘතදේහය වතු දළු නෙලන කාන්තාවන්හ හමුවී තිබු බව පොලිසිය සඳහව් කළා.

මෘත දේහයේ හිස මත ගලක්ද තිබු බවත් .මෙම ස්ථානයේ තිබු සැකකරුවෙකුගේ සෙරෙප්පු දෙක සොයාගත් බවත් පොලිසිය පැවසුවා. මෙම මෘතදේහය සැකකටයුතු මරණයක් සේ සලකා විමර්ශන සිදුකරන ලෙසට බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ දුන් උපදෙස් මත බණ්ඩාරවෙල පොලිසිය අධිකරණයට කරුණු වාර්තාකර ඇත . ඒ අනුව මහේස්තාත් මූලික පරික්ෂණයක් පැවැත්වු අතර මහේස්ත්‍රාත් නියෝගය මත මෘත දේහදය පශ්චාත් මරණ පරික්ෂණය සදහා බණ්ඩාරවෙල පොලිසිය විසින් බදුල්ල මහරෝහලේ මෘත ශරිරාගාරය වෙත ගෙනගියා.

බදුල්ල මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය සඳකැන් වඩුගේ විසින් පශ්චාත් මරණ පරික්ෂනය පැවැත්වු අතර ගෙල සිරකිරිමෙන් හා ගලකින් පහරදීමෙන් මෙම මරණය සිදුකර ඇති බව එම වාර්තාවෙන් අනාවරණය කෙරිණ .

දිර්ඝ විමර්ශනයකයෙදුන බණ්ඩාරවෙල පොලිසිය පෙරේදා සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදී ඝාතනයේ සුලමුල සොයාගැනීමට හැකිවි තිබේ . මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ අයිස්ලැබි වත්තේ පදිංචි කරුවන් වන අන්තෝනි සිවකුමාර් (38) සහ අන්තෝනි ඔගස්ටින් (29) යන එකම පවුලේ සොයුරන් දෙදෙක් බව පොලිසිය පවසයි . ඔවුන් පොලිසියට කරන ලද පාපෝච්චාරනයට අනුව මෙම ඝාතනය සිදුකර ඇත්තේ ඉකුත් (මාර්තු)මස 26 වැනිදා රාත්රිතයේ බව පොලිසිය සදහන් කරයි. 

බණ්ඩාරවෙල සිට ඇටම්පිටිය දක්වා දිවෙන බසයේදී මරණකරු හා සැකකරුවන් මුන ගැසී තිබේ . බීමත්ව සිටි මරණකරු හා සැකකරු අතර එහිදි බහින්බස් විමක් සිදුව මරනකරු මෙම සැකකරුවෙකුට පහරදි තිබේ . බසයෙන් බැස් පසුවත් බහින් බස් විමක් සිදුව ඇති අතර මරණකරු එහිදි සැකකරුවන්ගේ මව සහ සහෝදරිය පැහැරගන්නා බවට තර්ජනය කර ඇත . ටික දුරක් ගිය සැකකරුවන් මග රැකසිට මරණකරුගේ හිසට ගලකින් ගසා ඔහු සිහිසුන්ව බිම වැටුන ඔසවාගෙන ගොස් තේ කානුවකට දමා ගෙල කකුලින් පාගා තිබේ . ඉන්පසු ඔහු මරණයට පත්ව ඇතැයි සිතා යන්නට ගොස් ඇත . ටික දුරක් යනවිට තමන් රැගෙන ආ එලවලු මල්ල එහි දමා ආ බව සිහිවී සැකකරුවන් දෙදෙනාම යලි එම ස්ථානයට ගොස් තිබේ .ඒ වන විට මරණකරු කෙදිරිගාමින් සිටි නිසා මරණයට පත්ව නැති බව දැන යලි ලොකු කලුගලක් ගෙන හිසමතට දෙතුන් පාරක් හෙලා ඇත .

ඔහු මියගියපසු සැකකරුවන් දෙදෙනා මේ සිද්ධිය වසන්කර සමාන්යය අයුරින් හැසිරි තිබේ අයිස් ලැබි හන්දියේදි බසයෙන් බැස සැකකරු හා මරණකරු බහින් බස්වන අයුරු එම ස්ථානයේ වඩේ වෙළදාමේ නියුතු අයෙක් දැක ඇති නමුත් ඔහුද සිද්ධිය වසන් කළබව පොලිසිය කියයි . ඒ අනුව ඔහුද අත්අඩංගුවට ගන්නා බව පොලිසිය සදහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට (24) දා ඉදිරිපත් කිරිමෙන් පසු මමහේස්ත්‍රාත් නියෝගය මත මැයි මස 29 වනදාදක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරිණ. බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත බ ණ්ඩාරවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.බී.එස් ජයතිලක ගේ මෙහෙයවීම යටතේ ,අපරාධ විමර්ශන ස්ථානාධිපති උ.පො.ප සෙනෙවිරත්න , උ,පො.ප ඩී.දිසානායක , සැරයන් 731 සරත් , පො.කො . 54485 බණ්ඩාර ,33802 සුනිල්, 33805 ජයතිස්ස , 34812 රාජ් කුමාර් යන නිලධාරි විමර්ශන සිදුකළා.