Friday, September 20, 2024

General line - 0115112241

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා ගිය 8ක් ගුවන්තොටේදී අත්අඩංගුවට

ටෝනි කරුණනායක - ගම්පහ




බහුදින යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාව බලා ගිය පුද්ගලයින් 8 දෙනකු පිටුවහල් කොට ශ්‍රී ලංකාවට යළි එවා තිබෙනවා. එසේ කටුනායක ගුවන් තොටුපළින් පැමිණි ඔවුන් 8 දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත්තා.


සැකකරුවන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට  රුපියල් 10000ක මුදල් හා රුපියල් 100000ක ශරීර ඇප මත මුදා හැරීමටයි  මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් සරල කරුනාරත්න නියෝග කළේ.  සැප්තැම්බර් 11 දා යලි අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකරුවන්ට නියෝග කළා.