Friday, September 20, 2024

General line - 0115112241

ඛණිජ වැලි විකුණන්න බොර තෙල් මිලදී ගන්න කැබිනට් අනුමැතිය




ඛණිජ වැලි මෙටි‍්‍රක් ටොන් 17,800ක් සඳහා මිල ගණන් ඉදිරිපත් කළ ලංසුකරුවන් වෙත එම ඛණිජ වැලි තොගය අලෙවි කිරීමට ඉදිරිපත් වූ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා. යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් විසින්.

ලංකා මිනරල් සෑන්ඞ්ස් ආයතනය විසින් විවිධ වර්ගවල ඛණිජ සඳහා ජාත්‍යන්තරව තරගකාරී මිල ගණන් යටතේ ලංසු කැඳවනු ලබනවා. ඒ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශයන්ට අනුවයි. 

මේ අතර බොරතෙල් බැරල් ලක්ෂ 70ක් මිලදී ගැනීම සඳහා දිගු කාලීන කොන්ත‍්‍රාත්තුවකට එළඹීමටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ, පෙබරවාරි 01වනදා සිට මාස 08 කාලයක් සඳහායි. ඒ අනුව ජාත්‍යන්තර සමාගමක් හරහා බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 01යි දශම 6යි 9කට මිලදී ගැනු ඇති.