Friday, September 20, 2024

General line - 0115112241

විදෙස් ප‍්‍රතිපත්තිය ගැන ජනපතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්




ජාත්‍යන්තරය දිනා ගන්නා විට රට පාවාදෙන බවට ඇතැමුන් කරන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

තමා කටයුතු කරන්නේ එදා බණ්ඩරනායක මහතාගේ විදේශ ප‍්‍රතිපත්තිය මත බවත්, ඒ හැර ලෝකයේ කිසිඳු රටක් සමග වෙනත් බාහිර බැඳීමක් නොමැති බවත්, ජනාධිපතිවරයා පැවසුවා.

ඒ, දිවංගත ධර්මසිරි සේනානායක හිටපු අමාත්‍යවරයාගේ 16 වැනි ගුණ සමරු උත්සවයට කෑගල්ලේදී අද (24) එක්වෙමින්.

ධර්මසිරි සේනානායක හිටපු අමාත්‍යවරයාගේ චරිතය අද දවසේ දේශපාලඥයින්ටද ආදර්ශයක් බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්ති සහ දර්ශනය සැම විටම ආරක්ෂා කරන බවත්, සම්මුතිවාදී ආණ්ඩුව තුළ රටට අවශ්‍ය පරිවර්තනයන් සඳහා කැපවීම අද අවශ්‍ය බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.