Friday, September 20, 2024

General line - 0115112241

ආණ්ඩුවෙන් ගිය 16 දෙනාට ඇමතිකම් දෙන්න සූදානම්! මහින්ද සමරසිංහ




ආණ්ඩුවෙන් ඉවත්ව ගිය 16දෙනා යළි එක්වන්නේ නම් ඔවුන්ට ඇමතිධූර ලබා දීමට සූදානම් බව අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා. 16දෙනා හැර නිදහස් පක්ෂයේ සෙසු 23දෙනා තවදුරටත් ආණ්ඩුව සමග එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඊයේ පැවැති පක්ෂ මධ්‍යම කාරක සභාවේදී නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් කිසිඳු යෝජනාවක් ඉදිරිපත් නොවු බවයි ඔහු මෙහිදී කියා සිටියේ. 

අමාත්‍ය මහින්ද සමරසිංහ මෙම අදහස් පළ කළේ කොළඹ අද (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.