Friday, September 20, 2024

General line - 0115112241

ජනපති හමුවුණත් වෙනසක් නෑ – ඒකාබද්ධ විපක්ෂය කියයි




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග හෙට (25) පැවැත්වෙන විශේෂ සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සහභාගි වන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ ජනාධිපති නිල නිවසේදීයි. ඒ සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මන්තී‍්‍රවරයා නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් දැක්වූවා.

“හෙට දිනයේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා අතිගරු ජනාධිපතිවරයා කැඳවීමක් කරලා තිබෙනවා. මන්ත්‍රීවරු ඒ සඳහා සහභාගී වනවා. ඒ පිළිබඳව අපට කියන්න තියෙන්නේ අපි අපේ මතය වෙනුවෙන් එතුමා ඉදිරියේත් එහෙමම පෙනී හිටිනවා”.

කෙසේවෙතත් නෙත් නිවුස් අද (25) උදෑසන අනාවරණ කළේ ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරුන් පිරිසකට මෙම සාකච්ඡාව සඳහා ඒ වන විටත් ආරාධනා කර නොතිබූ බවයි.

නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයාටද මෙම සාකච්ඡාව සඳහා ආරාධනා කර තිබුණේ නැහැ.