Friday, September 20, 2024

General line - 0115112241

2020 ජනාධිපතිවරණයට එජාපයෙන් දැවැන්තයෙක්

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ලබාදුන් තීරණය ට  දැඩි විරෝධය ප්‍රකාශ කරන බව එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරි මණ්ඩලය පත් කිරීම තමන් දැඩි ලෙස විරෝධය ප්‍රකාශ කරන බවත්, ඉදිරියේදී මෙම නිලධාරීන් සමඟ දේශපාලන කටයුතුවල නිරත නොවන බවත් එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය 26 දින දඹුල්ලේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති දුමින්ද බණ්ඩාරනායක කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය විසින් පත්කර සිටින නව නිලධාරී මණ්ඩලයට තම සංගමයේ දැඩි විරෝධය ප්‍රකාශ කරන බවත්, ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමට නම් සජිත් ප්‍රේමදාසට නායකත්වය ලබාදිය යුතු බවත්ය.

එක්සත් ජාතික පක්ෂ නායකත්වයට රනිල් වික්‍රමසිංහ මහතා නුසුදුසු බව ද හෙතෙම සඳහන් කළා. සජිත් ප්‍රේමදාසගෙන් තම සංවිධානය ඉල්ලීමක් කරන බවත්, එම ඉල්ලීම වන්නේ ඉවසුවා ඇති නායකත්වය බාර ගන්න යන්නයි ද හෙතෙම පැවසුවා.

එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් එස්.ආර් වික්‍රමසිංහ කියා සිටියේ  කෘත්‍යාධිකාරී මණ්ඩලය සාමාජිකයන්ට මෙම පක්ෂය විනාශ කිරීමට උදව් ලබා නොදෙන ලෙස ඉල්ලීම් කරන බවය.

2020 ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයෙකු නොව එක්සත් ජාතික පක්ෂයේ දැවැන්තයෙකු ජනාධිපති කරවීමේ උත්සාහයක් පවතින බවද හෙතෙම සඳහන් කළා.