Friday, September 20, 2024

General line - 0115112241

රුපියල රැකගන්න මහ බැංකුව සැරසෙයි

සමන්ත කුමාර




රුපියලට සාපේක්‍ෂව අමෙරිකානු ඩොලරයේ අගය දිගින් දිගටම වැඩිවීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මහ බැංකුව සිය ස්ථාවරය ප‍්‍රකාශ කළා. එහි ජේ්යෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ පැවසුවේ අවශ්‍ය වුවහොත් ඉදිරියේදී විදේශ විනිමය පාලනය කිරීම සදහා මැදිහත් වන බවයි. 

විදේශ විනිමය අනුපාතයන්හි උච්චාවචනයන් ඇති වී තිබෙන්නේ ශී‍්‍ර ලංකා මහබැංකුව විදේශ විනිමය පාලනය සදහා මැදිහත්වීම අවම කිරීම හේතුවෙන් බවද ඔහු පෙන්වා දුන්නා.

ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් මෙරට විදේශ ණය ඉහළ යන බවට පළ වන වාර්තා පිළිගත නොහැකි බවද ශී‍්‍ර ලංකා මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ඊයේ ගණුදෙනු නිමා වනවිට අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ සටහන් වුයේ රුපියල් 159 යි ශත 3 ක් ලෙසයි. එහි ගැණුම් මිළ රුපියල් 155 යි ශත 52 ක් වුණා.