Friday, September 20, 2024

General line - 0115112241

දුම්රියක් පීලි පනී - උඩරට මාර්ගයේ ධාවනයට බාධා

නිශාන් ද සිල්වා/ පසන් වික්‍රමතිලක




දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට ගම්පොල දක්වාත් බදුල්ලේ සිට නාවලපිටිය දක්වාත් සීමා වී තිබෙනවා. මෙලෙස පීලි පැන ඇත්තේ බදුල්ල සහ කොළඹ කොටුව අතර ධාවනය වන රාතී‍්‍ර තැපැල් දුම්රියයි. නාවලපිටිය සහ උලපනේ අතර ප‍්‍රදේශයකදි අද අළුයම 1.30 ට පමණ මෙම පීලි පැනීම සිදුව ඇතැයි පාලක මැදිරිය පැවසුවා.

මේ අතර දුම්රියක් පීලි පැනීම හේතුවෙන් ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට පැවති බාධා මේ වනවිට ඉවත් කර තිබෙනවා. ඊයේ පස්වරුවේ පල්ලෙවෙල ප‍්‍රදේශයේදියි මෙම පීලි පැනීම සිදුවුණේ. කෙසේවෙතත් එහි දුම්රිය ධාවනය මේ වනවිට සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය පාලක මැදිරිය කියාසිටියා.