Friday, September 20, 2024

General line - 0115112241

කිරිඇල්ලට එරෙහිවත් FCID පැමිණිල්ලක්




අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කිරීමට දුෂණ විරෝධී හඬ සංවිධානය සූදානම් වනවා.

එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ ඊට හේතු පැහැදිලි කළේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

“කිරිඇල්ල ඇමතිවරයා තමන්ගේ අමාත්‍යංශයේ උපදේශකයින් 62ක් පත්කරගෙන තියෙනවා. පාර්ලිමේන්තුවට ඇවිල්ල කියනවා එහෙම අය ඉන්නවා කියලා. කාගේ සල්ලි වළින්ද මේ පඩි ගෙවන්නේ , මේ රටේ මහ ජනතාවගේ මුදල්.

කුමාර වෙල්ගම ඇමතිවරයාට නඩුවක් තියෙනවා වැඩිපුර රුපියල් පනස්දහසක් උපදේශකයෙකුට ගෙවලා , ඒක නීතිවිරෝධීයි ඒ නිසා ඔහුට නඩුවක් දාලා තිබෙනවා.

කුමාර වෙල්ගම ඇමතිවරයාට තියෙන නඩුව එහෙම තියෙද්දි , මේ ආණ්ඩුවේ කිරිඇල්ල ඇමතිවරයා 62ක් පත්කරගෙන ඉන්නවා උපදේශකයෝ මහජන මුදල් මේ විදිහට ගෙවමින්.

අපි මේ සම්බන්දයෙන් අවධානයෙන් ඉන්නේ මොකක්ද ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය කියලා. හෙට අනිද්දා වෙනකොට අපි කිරිඇල්ල ඇමතිවරයාට අදාළ පැමිණිල්ල භාරදෙනවා”.