Friday, September 20, 2024

General line - 0115112241

මහ මග අභිරහස් මරණයක්

ජූඩ් සමන්ත - හලාවත




හලාවත - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ කාකපල්ලිය, සේමාඉරිප්පුව ප‍්‍රදේශයේ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා. ඒ, හලාවත පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ සොයා බැලීමකදීයි. මියගිය පුද්ගලයාගේ සිරුරේ ස්ථාන කිහිපයක තුවාල කැලැල්ද දක්නට ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මියගිය පුද්ගලයා අවුරුදු 53 ත් 55 ත් වයස් සීමාවේ පසුවන පුද්ගලයෙකු බවටයි සැක කෙරෙන්නේ. මළසිරුර තිබෙන ස්ථානයට යාබදව වාහනයක් නවත්වා ඇති බවට සලකුණු ඇති බවද පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණ වී තිබෙනවා.