Friday, September 20, 2024

General line - 0115112241

කැබිනට් සංශෝධනය සිදුවන දිනය ගැන ජනපති කියයි




නව කැබිනට් මණ්ඩලය පත් කිරීම ලෝක කම්කරු දිනය යෙදි ඇති මැයි පළමු වනදා සිදුකරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. දඹුල්ල ශී‍්‍ර වළගම්භා මහා පිරිවෙන් විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා.

මෙහිදී අනුශාසනාවක් සිදුකළ ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල නාහිමියන් පෙන්වා දුන්නේ රංගිරි දඹුලූ රජමහා විහාරස්ථානයේ සංරක්‍ෂණ කටයුතු ඇණහිට ඇති බවයි. ඒ හේතුවෙන් මතුව ඇති ගැටළු පිළිබදවද උන්වහන්සේ ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළා.