Friday, September 20, 2024

General line - 0115112241

යාලට ඇතුළුවන වාහන හැසිරවීමේ නව ක්‍රමවේදයක් ලඟදීම

සමන්ත කුමාර / දිල්ශාන් තුෂාර




යාල ජාතික වනෝද්‍යානය තුළට සංචාරකයන් රැගෙන යන වාහන හැසිරවීමට නව ක‍්‍රමවේදයක් සකස් කරමින් සිටින බව තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර පවසනවා.

යාල ජාතික වනෝද්‍යානය නැරඹීමට සංචාරකයන් රැගෙන පැමිණි වාහන පෙළක් මැද සිටින වලසෙකු දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍යවල පසුගියදා පළව තිබුණා. වනසතුන්ට එවැනි කි‍්‍රයාවලින් ඇති වන හිංසා පිළිබද බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වුණේ එම සිදුවීමත් සමගයි. 

මෙවැනි තත්ත්වයන් මගහරවා ගැනීමට මහජනතාවද සහාය දැක්විය යුතු බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.