Friday, September 20, 2024

General line - 0115112241

ලක්ෂ 50ක හෂීස් සමග කතක් අත්අඩංගුවට

සමන්ත කුමාර/ දිල්ෂාන් තුෂාර




හෂීස් මත්ද්‍රව්‍ය සමග ඉතාලි ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොලේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර කාන්තාව සතුව තිබී හෂීස් කිලෝ ග‍්‍රෑම් 5 යි ග‍්‍රෑම් 272 ක් සොයාගෙන ඇති බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න පැවසුවේ. ඒවායෙහි වටිනාකම රුපියල් ලක්‍ෂ 50 ක් පමණ වන බවද රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවා.