Saturday, September 21, 2024

General line - 0115112241

ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

තරංග රුක්ෂාන් ජයසේකර




ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසන්නේ මිනිස් ශිෂ්ඨාචාරය ගොඩනැගුණේ ස්වභාදහමේ අභියෝග හමුවේ නොසැලූණු මිනිස් ශ‍්‍රමය හේතුවෙන් බවයි. ශී‍්‍ර ලංකාව, වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ලෝක කම්කරු සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල එකගතා සහ නිර්ණායක සමග සහයෝගයෙන් කටයුතු කරන රටක්. වතුකරයට නිවාස හිමිකම, පෞද්ගලික සේවකයින්ගේ අවම වැටුප් සීමාව නීතිගත කිරීම, ගෘහ සේවය කම්කරු නීති යටතට පැමිණවීම හා ප‍්‍රසූත නිවාඩු විෂමතා ඉවත් කිරීමට කටයුතු කරන්නේද ශ‍්‍රමයට හිමි විය යුතු නිසි ගෞරවය ලබාදීම වෙනුවෙන් බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ස්වකීය අයිතීන් දිනා ගන්නා අතරම රට වෙනුවෙන් තම යුතුකම් සහ වගකිම් ඉටු කිරීම සදහා නොපිරි හෙළා කැපවන සමස්ත වැඩකරන ජනතාවට ශක්තිය ධෛර්ය ලැබේවායි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රාර්ථනා කරනවා. වර්තමානයේ ස්වකීය අයිතීන් දිනා ගැනීමට සාම්ප‍්‍රදායික අරගලවලින් ඔබ්බට ගිය නව ක‍්‍රමවේද සොයා ගැනීමේ අභියෝගය අප සැම ඉදිරියේ පවතී.

නව දැක්මකින් යුතුව පුළුල් සංවාද, සාකච්ඡා, සකී‍්‍රය මැදිහත්වීම් සමග කම්කරු දිනයට නව අරුතක් එක් කිරීමට සියලූ දෙනා පෙළ ගැසිය යුතු බවයි අග‍්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

කම්කරු දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසන්නේ ආර්ථිකය බිඳ වැටීම හේතුවෙන් පොදුවේ සියළු දෙනාට ලැබෙන වැටුපෙන් අවම පහසුකම් හෝ සපුරා ගත නොහැකි තත්ත්වයක් උදාවි ඇති බවයි. පෞද්ගලික අංශයේ ආදායම් මාර්ග අවහිර කිරීම, රාජ්‍ය ආයතන විකිණීම, ස්වදේශක වෘත්තිකයින්ගේ රැකියා අවස්ථා අහිමි කිරීම, විවිධ බදු පැනවීම, ගොවි ජනතාවගේ ගැටළු මේ වනවිට උද්ගතව පවතී. වර්තමාන සමාජ, ආර්ථික, දේශපාලන වටපිටාව සැලකිල්ලට ගෙන තම අයිතීන් රැක ගැනීමට නව ක‍්‍රියාමාර්ග තෝරා ගැනීම සඳහා කම්කරු දිනයේ අදිටන් කර ගන්නැයි සියළු කම්කරු ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් දක්වා ඇත්තේ.

කම්කරු පන්තිය ප‍්‍රමුඛ පීඩිත පන්තියේත් සියළු ප‍්‍රගතිශීලි ජනතා බලවේගවලත් අයිතීන් දිනාගත හැක්කේ ගොඩ නැගෙන ජනතා බලයන් තුළින් පමණක් බවයි කම්කරු දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ.