Saturday, September 21, 2024

General line - 0115112241

ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් කළ නොහැකි දෙයක් ශ්‍රී ලංකා රජය කරලා

තරංග රුක්ෂාන් ජයසේකර/ දිල්ෂාන් තුෂාර




එක්සත් සමාජවාදී පක්‍ෂයේ කම්කරු දින සැමරුම සහ පෙළපාලිය කොළඹදී අද (01) පවත්වනවා. එහි නායක සිරිතුංග ජයසූරිය කියා සිටියේ ජාත්‍යන්තර කම්කරු දිනය වෙනස් කිරිමේ අයිතිය අමෙරිකානු ජනාධිපතිවරයාට හෝ නොහැකි බවයි.

මෙරට තුල කම්කරු දිනය වෙනස් කිරිම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය ද ඔහු මෙහිදී පල කර සිටියා.

මැයි දිනය වෙනස් කරමින් වත්මන් රජය වැරදි ක්‍රියාවක් සිදු කර ඇති බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් සඳහස් කළේ ලොව කම්කරුවන් අද මෙම දිනය සමරන්නේ මීට වසර ගණනාවකට ඉහත දී ලේ විලක දිවි පුදා කම්කරුවා ලබාගත් ජය සංඛේතවත් කරමින් බවයි.