Saturday, September 21, 2024

General line - 0115112241

"රජය කළේ තේරුමක් නැති වැඩක්" ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න

තරංග රුක්ෂාන් ජයසේකර/ දිල්ෂාන් තුෂාර




මැයි දින සැමරුම වෙනත් දිනයකට යෙදීම සම්බන්ධයෙන් තමන් කිසිදු එකඟතාවක් නොමැති බව නව සමසමාජ පක්‍ෂයේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න පවසනවා. මෙය වෙනත් දිනයක සැමරීම තේරුමක් නොමැති ක්‍රියාවක් බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඒ අනුව නව සමසමාජ පක්‍ෂය ද කම්කරු දිනය අද (01) සැමරීමටයි කටයුතු යොදා තිබෙනවා.

කම්කරු දිනය සැමරීම සඳහා රජය විසින් ලබාදෙන අනුග්‍රහය අහිමිව ගොස් ඇතත් කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කිරිමට කිසිවෙකුගේ අවසරයන් අනවශ්‍ය බවයි නව සමසමාජ පක්‍ෂයේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න වැඩිදුරටත් කියා සිටියේ.

ජාත්‍යන්තර කම්කරු දින සැමරුම් මැයි මස 7 වනදා පැවැත්වීමටයි ආණ්ඩුව ඉකුත්දා තීරණය කළේ. ඒ අනුව අදට යෙදී තිබූ රජයේ නිවාඩු දිනය, මැයි මස 7 වනදාට ලබාදීමටද තීරණය කෙරුණා.