Saturday, September 21, 2024

General line - 0115112241

"ඇමතිකම් අඩුවීමෙන් රටේ ආර්ථිකය ගොඩනගන්න බෑ"

ඩිල්ෂාන් මඩවල




වත්මන් ආණ්ඩුව නිසා රටේ ඇති වී තිබෙන පසුබෑම කැබිනට් සංශෝධනයකින් නිවැරදි කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා. ඊයේ (01)  සිදු කෙරුණු කැබිනට් සංශෝධනය පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකදීයි ඔහු ඒ බව පැවසුවේ.

රටේ ආර්ථිකය කඩා වැටී තිබියදී එය ගොඩනැගිම සඳහා කැබිනට් සංශෝධනයක් අවශ්‍ය නොවන බවයි ඔහු කියා සිටියේ.

ඒ සඳහා නව වැඩපිළිවෙලක් අවශ්‍යව ඇති බවත් රටේ ආර්ථීකය ශක්තිමත් කර ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් සමගින් මැතිවරණයකට යා යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියා.

පැවති කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව ඊයේ (01) සිදු කෙරුණු සංශෝධනයේදී අඩු වී තිබෙනවා. එමගින් රටට යහපතක් නොවන්නේදැයි නෙත් නිවුස් මෙහිදී වැඩිදුරටත් ප‍්‍රශ්න කළා.

ඊට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව අවම වීමෙන් යම් කිසි ඉතිරියක් රජයේ තිබුණත් එය වාශ්ප වන ඉතිරියක් බවයි. ඉන් රටේ බිඳ වැටී ඇති ආර්ථීකය යළි ගොඩනැගිය නොහැකි  බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.