Saturday, September 21, 2024

General line - 0115112241

එජාප නායකත්වයට තවදුරටත් බලපෑම්!

හේමන්ත කහවලගේ




පක්ෂ ප‍්‍රතිසංවිධාන කටයුතු නිසි පරිදි සිදු කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට එල්ල වන බලපෑම් තවදුරටත් වර්ධනය වී තිබෙනවා. මේවනවිට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් සහ මන්තී‍්‍රවරුන් 30 දෙනෙකුට වැඩි පිරිසක් පක්ෂයේ තනතුරු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින්ගේ සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ ඡන්දයෙන් තෝරා පත් කර ගත යුතු බවට වන මතය දරණ බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

රුවන් විජේවර්ධන කමිටුව සකස් කළ ප‍්‍රතිසංවිධාන වැඩපිලිවෙල පූර්ණ ලෙස කි‍්‍රයාත්මක කළ යුතු බවයි ඔවුන්ගේ මතය වී ඇත්තේ. මෙම මතය දරණ පිරිසද කණ්ඩායම් 04ක් ලෙස කටයුතු කරන බවද වැඩිදුරටත් අනාවරණ වුණා. 

මේ අතර ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ද කියා සිටියේ ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙල පිළිබඳව සෑහීමට පත් විය නොහැකි බවයි.

තමන්ද මෑතක් වනතුරු කෘත්‍යාධිකාරී මණ්ඩලය හෝ නියෝජනය නොකළ බවයි සරත් ෆොන්සේකා අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.