Saturday, September 21, 2024

General line - 0115112241

ග්ලයිෆොසෙට් තහනම ඉවත්කර නැහැ

සමන්ත කුමාර/ සජිත් තිලකරත්න




ග්ලයිෆොසෙට් තහනම මෙතෙක් ඉවත් කර නොමැති බව පලිබෝධ නාශක රෙජිස්ට‍්‍රාර් කාර්යාලය තහවුරු කරනවා. පලිබෝධ නාශක රෙජිස්ට‍්‍රාර් ජේ ඒ සුමිත් නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ අදාළ තහනම පනවමින් නිකුත් කළ ගැසට් නිවේදනය මේදක්වා ඉවත් කර නොමැති බවයි.

එලෙස තහනම ඉවත්වන්නේ නම්  පලිබෝධ නාශක රෙජිස්ට‍්‍රාර්වරයා හරහා අදාළ ගැසට් නිවේදනය ඉවත් කළ යුතු බවද මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.