Friday, September 20, 2024

General line - 0115112241

අයස්කාන්තය ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට තවදුරටත් අවස්ථාව




ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨ ශ‍්‍රවණාගාරයේ පැවැත්වෙන අයස්කාන්තය ප‍්‍රසංගය සඳහා තවත් ඉතිරිව ඇත්තේ දින 5ක් පමණයි. ප‍්‍රසංගය ලබන 30 වෙනිදා පැවැත්වෙනවා.

එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන්නේ මහාචාර්ය කාලෝ ෆොන්සේකායි. අයස්කාන්තය ප‍්‍රසංගය සඳහා ප‍්‍රවේශ පත‍්‍ර මිලදී ගැනීමට තවදුරටත් ඔබට හැකියාව තිබෙනවා.

ගාල්ල හෙමාරා රිච්ලුක්, කරාපිටිය ශ‍්‍රීධර ෆාමසි සහ ලක්මිණී ඔප්ටිකල්, ලබුදූව එස්.කේ. කම්පියුටර්ස්, මාතර නිල්මිණී කොපි බියුරෝ යන ස්ථානවලින් ප‍්‍රවේශ පත‍්‍ර මිලදී ගත හැකියි.

mytickets.lk සහ tickets.lk යන වෙබ් අඩවිවලින් මෙන්ම 072 7 300 400 හෝ 072 7 600 700 යන දුරකථන අංකවලට ඇමතීමෙන් ද ප‍්‍රවේශ පත‍්‍ර වෙන්කරගත හැකි වනවා.