Friday, September 20, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂය අද ජනපති හමුවට




ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර හමුව අද (25) පැවැත්වෙනවා. ඒ, ජනාධිපති නිල නිවසේදීයි.

අදියර කිහිපයක් යටතේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සමග සාකච්ඡා කිරීමටයි ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ.

ඒ අනුව එහි පළමු සාකච්ඡා වටය අද පැවැත්වෙනවා. ඊට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරුන් පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ආරාධනා කර ඇති බවයි වාර්තා වුණේ.

ඉදිරි දින කිහිපයේදී මෙවැනිම තවත් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවා ගැනුණු ජාතික ආණ්ඩුවේ කාලය වසර 5ක් දක්වා දීර්ඝ කිරීම පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමුකරනු ඇති.

එමෙන්ම ලබන 28 වෙනිදා මහනුවරින් ආරම්භ කිරීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ ජන සටන පාද යාත‍්‍රාව පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්වනු ඇති බවයි වාර්තා වන්නේ.