Friday, September 20, 2024

General line - 0115112241

ඉන්දීය ධීවරයින්ට නාවික හමුදාවෙන් අනතුරු ඇඟවීම්




ඉන්දීය ධීවරයින් නීති විරෝධීව මෙර මුහුදු සීමාව උල්ලංඝනය කිරීම සීඝ‍්‍ර ලෙස අඩු වී ඇතැයි ශ‍්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සඳහන් කළේ මුහුදු සීමාව උල්ලංඝනය කරන ධීවරයින් අත්අඩංගුවට ගැනීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බවයි.

දැනට අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් මුදාහැරුණ ද ඔවුන් පැමිණෙන බෝට්ටු එලෙස නිදහස් නොකෙරෙන බවයි නාවික හමුදාපතිවරයා සඳහන් කළේ.

මේ නිසා නීති විරෝධීව මෙරට මුහුදු සීමාවට පැමිණෙන ඉන්දීය ධීවරයින්ගේ විශාල අඩුවක් දක්නට ලැබෙන බව නාවික හමුදාපතිවරයා ප‍්‍රකාශ කළා.

මේ අතර ධීවර යාත‍්‍රා නිරීක්ෂණ පද්ධතියක් කඩිනමින් ස්ථාපිත කරන බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.