Friday, September 20, 2024

General line - 0115112241

ජන සටන පාද යාත‍්‍රාවේ සුලමුල එළියට




ලබන 28 වෙනිදා මහනුවරින් ආරම්භ කෙරෙන ජන සටන පාද යාත‍්‍රාවේ අරමුණ විදේශයන්ගේ අවධානය ශ‍්‍රී ලංකාව වෙත ලබාගැනීම බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලුම් අමුණුගම පවසනවා.

මහනුවර පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ රට විනාශ කිරීමේ කුමන්ත‍්‍රණය වැළැක්වීමට ජාත්‍යන්තරයේ සහාය ලබාගැනීමට කටයුතු කළ යුතු බවයි.

“දළදා මැදුර අභියස ඉඳලා , නාමපුවරු අරගෙන , කිලෝමීටර 110ක් පයින් යනකොට මේ රටෙන් තුනෙන් එකක් විදේශ අයගේ ඇස් පෑදෙනවා. ඒ අය බලනවා අපිට පෙන්නන සුන්දර පින්තූරෙ ලංකාවේ නැහැ. මුන් මොකක් හරි බොරුවක් කරනවා ඒ නිසා ඒකාබද්ධ විපක්ෂයේ කීමත් අපි අහන්න ඕනේ. යම් කිසි සහයක් මේ අයට දෙන්න ඕනේ. අමෙරිකාව කියන විදිහටම නටන්න බැහැ කියලා ඒ අයගේ අවධානයත් මේකට යොමුවෙනවා.

ඒ අයගේ අවධානය යොමුවෙනකොට අපේ කණ්ඩායම ජී.එල් පීරිස් ඇමතිතුමා ප්‍රධාන අපේ ඒ විදේශ සම්බන්ධතා ක්‍රියාත්මක වන කණ්ඩායම ඒ අය වෙතට ගිහිල්ලා නඩුව කියන්න මේ රටේ කෙනෙක් නැහැ ඒ නිසා ඒ අයටවත් ගිහිල්ල කියලා , මේ රටේ බහුතරයක් ජනතාව ඉන්නේ මේ රට බෙදන තැන නෙමෙයි , රට එක බිමක් හැටියට තියෙන්න ඕන තැන. ඒ නිසා කරුණාකරලා මේ දෙගොල්ලො තුන්ගොල්ලො එකතුවෙලා කරන කුමන්ත්‍රණය නතරකරන්න මැදිහත් වෙන්න කියන ඉල්ලීම කරන්න තමයි ඒකාබද්ද විපක්ෂය සූදානම් වෙන්නේ.

ඒ සඳහා තමයි 28 වෙනිදා ඉඳලා පළවෙනිදා වෙනකම් කොළඹට ගිහිල්ලා කොළඹින් මේ වැඩපිළිවෙල අවසාන කරන්නේ”.