Friday, September 20, 2024

General line - 0115112241

ගල්අඟුරු වංචාව ගැන වාර්තාවටත් බාලගිරි




ගල්අඟුරු මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ත‍්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව නිකුත් කිරීම දින කිහිපයකින් ප‍්‍රමාද විය හැකි බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ වාර්තාව ලැබීමෙන් පසු එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

“පාර්ලිමේන්තුවට මම ඉතාම සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ ගැන උනන්දු වන ඕනෑම අයෙකුට පුළුවන් අපේ මාධ්‍ය ප්‍රකාශකතුමා ලඟ ඒ ලිපි ගොනුවත් ඊට අදාළ විස්තර ඔක්කොම තියෙනවා. ඒක අධ්‍යනය කරන කෙනෙකුට ඒක ගන්න පුළුවන්. තවදුරටත් අධ්‍යනය කරන කෙනෙකුට ඒ සංඛ්‍යාලේඛන පිළිබඳ ප්‍රශ්ණයක් තියෙනවනම් , තොරතුරු හෙළිදැක්වීමේ පනත යටතේ ඒ ඕනෑම ලිපිගොනුවක් අරගෙන බලන්නත් පුළුවන්.

ඊට අමතරව අපි විශේෂ කමිටුවක් පත්කරා මහාචාර්ය පෙරේරා මහත්මයාගේ ප්‍රධානත්වයෙන්.ඒ මහතා හිටපු පැරණි ලේකම්වරයෙක් බොහොම අත්දැකීම් තියෙන. ඒ වාර්තාවත් අපි 29 වෙනිදා තමයි ඉල්ලලා තියෙන්නෙ. තව දින කිහිපයක් විතරක් තව අවශයයි කියලා ඒ සභාපතිවරයා ඉල්ලීමක් කරලා තිබුණා. ඒ ගොල්ලො ඉතා ගැඹුරු අධ්‍යනයක් කරනවා කියලා. නමුත් ලොකු කාලයක් පරක්කු වෙන්නැහැ. ගැඹුරින් අධ්‍යනය කරලා අපිට වාර්තාවක් දෙයි. අපිට ඒ අනුව තව දුරටත් යම් අතපසුවීමක් , වරදක් වෙලා තියෙනවනම් ඒ ගැන හොයා බලන්න පුළුවන්”.