Friday, September 20, 2024

General line - 0115112241

කොළඹ හිස් ඉඩම්වලට අත තියන්න ආණ්ඩුව සූදානම්




කොළඹ නගරයේ ඇති හිස් ඉඩම් කඩිනමින් සංවර්ධනය කිරීමට පියවර ගන්නැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා කොළඹ නාගරික කොමසාරිස්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සඳහා ආයෝජන මණ්ඩලයේ සහාය ද ලබාගන්නා ලෙසයි අමාත්‍යවරයා දැනුම් දී තිබෙන්නේ.

කොළඹ නගරයේ පොදු වෙළෙඳපොළ තුළ පවතින පහසුකම් තවදුරටත් වැඩිදියුණු කළ යුතුයි. ඒ සඳහා හිස් ඉඩම් ප‍්‍රයෝජනයට ගත හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කොල්ලුපිටිය සුපිරි වෙළෙඳපොළේ රථගාල තවදුරටත් සංවර්ධනය කිරීමේ හැකියාව පවතිනවා. එමෙන්ම මරදාන, දෙමටගොඩ ඇතුළු ප‍්‍රදේශ රැසක් සංවර්ධනය කිරීම සඳහා හිස් ඉඩම් භාවිතයට ගන්නා ලෙසයි අමාත්‍යවරයා කොළඹ නාගරික කොමසාරිස්වරයාට උපදෙස් දී ඇත්තේ.