Thursday, September 19, 2024

General line - 0115112241

බස් ගාස්තු ඉහළට?




අවම සහ දෙවන බස් ගාස්තුව අනිවාර්යයෙන්ම ඉහළ නංවන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එ් අනුව අවම සහ දෙවන බස් ගාස්තුව රුපියලකින් ඉහළ නැංවීමට කටයුතු කරන බවයි එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සඳහා පාදක කරගත යුතු නව නිර්ණායක වෙතොත් ඒවාද ඇතුළත් කරමින් 2002දී සකසන ලද බස් ගාස්තු ප‍්‍රතිපත්තිය සමාලෝචනය කිරීමට විද්වත් කමිටුවක් පත්කිරීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වුණා. කමිටුව සමග සාකච්ඡා කර සාර්ථක බස් ගාස්තුවක් ලබා ගැනීම අරමුණ බවයි ගැමුණු විජේරත්න මහතා පැවසුවේ.

බස් ගාස්තු සංශෝනය කිරීමේ බලය අමාත්‍ය මණ්ඩලය විසින් පවරනු ලැබ ඇත්තේ ජාතික ගමනාගමන කොමිසන් සභාව වෙතයි.