Friday, September 20, 2024

General line - 0115112241

නිධන් වස්තු තැන්පත් කිරීමේ උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි (UPDATE)




මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘති වේල්ලේ නිධන් වස්තු තැන්පත් කිරීමේ උත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් දැන් පැවැත්වෙනවා.

ඊට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් සහභාගි වී සිටිනවා.

උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණේ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනය මධ්‍යයේයි. සර්ව ආගමික නායකයින්ද මෙම අවස්ථාවට එක්ව සිටිනවා.

……………………………………………………………………………..

මොරගහකන්ද වේල්ලේ නිධන් වස්තු තැන්පත් කිරීම අද    

Jul 25, 2016 @ 09:14

මෙරට කි‍්‍රයාත්මක කෙරෙන විශාලතම බහු කාර්යය යෝජනා ක‍්‍රමය වන මොරගහකන්ද ව්‍යාපාරයේ කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියට අදාළ වේල්ලේ නිධන් වස්තු තැන්පත් කිරීම අද (25) සිදුකෙරෙනවා.

අද (25) පෙරවරුවේ යෙදෙන සුභ මොහොතින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් එය සිදුකෙරෙනු ඇති.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක්ද මෙම අවස්ථාවට එක්වීමට නියමිතයි.

රුපියල් කෝටි පහළොස් දහසක් පමණ වැයකොට ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතිය හරහා මෙරට ඉඩම් අක්කර ලක්ෂ 3ක් පමණ අස්වැද්දීමට නියමිතයි.