Friday, September 20, 2024

General line - 0115112241

දුම්රිය මගීන්ගේ වැරදිවලට දඩය වැඩිවන ලකුණු




දුම්රිය මගීන් සිදුකරන වැරදි වෙනුවෙන් අය කෙරෙන දඩ මුදල රුපියල් තුන්දහස දක්වා වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සූදානම් වනවා.

එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ පාපුවරුවේ ගමන් කිරීම, දුම්රිය නතර කිරීමට පෙර ඊට ඇතුළු වීම, දුම්රිය තුළ බීමතින් ගමන් කිරීම සහ අන් අයට හිරිහැර වන අන්දමින් ගමන් කිරීම වැනි වැරදි වෙනුවෙන් අය කරන දඩ මුදල මෙලෙස වැඩි කෙරෙනු ඇති බවයි.

එමෙන්ම දුම්රිය තුළ සිඟමන් යැදීම සහ වෙළෙඳාම් කිරීම වැනි කි‍්‍රයාවන් වෙනුවෙන් ද අය කෙරෙන දඩ මුදල වැඩි කෙරෙනු ඇති.

මෙතෙක් එම වැරදි වෙනුවෙන් අය කෙරුණේ රුපියල් සියයකටත් අඩු දඩ මුදලක්.

එහෙත් මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් මගීන්ගෙන් ලැබෙන පැමිණිලි සලකා බලා දඩ මුදල වැඩි කිරීමට අවධානය යොමුවූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ.