Friday, January 17, 2025

General line - 0115112241

අමෙරිකාවේ හා උතුරු කොරියාවේ රාජ්‍ය තාන්ත‍්‍රික නියෝජිත පිරිසක් හදිසියේ හමුවෙයි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාවේ හා උතුරු කොරියාවේ රාජ්‍ය තාන්ත‍්‍රික නියෝජිත පිරිසක් අතර හදිසි හමුවක් සිදුවුණා.

ඒ, උතුරු හා දකුණු කොරියාව අතර පිහිටි පන්මුන්ජොම් සාම ගම්මානයේදීයි.

මෙම හමුවේදි ලබන 12 වැනිදා පැවැත්වමට නියමිත අමෙරිකා - උතුරු කොරියා නායකයාන්ගේ ඓතිහාසික සමුලූව සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා කරන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

කොරියනු කලාපයට පිවිසි අමෙරිකානු නියෝජිතයින් සහ උතුරු කොරියානු රාජ්‍ය තාන්ත‍්‍රිකයින් අතර වන මෙම සාකච්ඡා අද (28) සහ හෙට (29) දිනයේ ද පැවැත්විමට නියමිතයි.

මේ අතර ජුනි මස 12 වැනිදා පැවැත්විමට නියමිත අමෙරිකා - උතුරු කොරියා ඓතිහාසික සාකච්ඡාවලට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරිම සඳහා අමෙරිකානු නියෝජිතයින් පිරිසක් මේ වනවිට සිංගප්පුරුවට ද පිටත්ව ගොස් ඇතැයි ධවල මන්දිර ප‍්‍රකාශිකාවක් හෙළිදරව් කර තිබෙනවා.