Friday, September 20, 2024

General line - 0115112241

නීති කැඩීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම්




ඒකාබද්ධ විපක්ෂය මගින් සංවිධාන කරන ජන සටන පාද යාත‍්‍රාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් අත් පත‍්‍රිකා බෙදීමේ වැඩසටහනක් අද (25) කි‍්‍රයාත්මක කෙරෙනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක සඳහන් කළේ කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් මෙම අත් පත‍්‍රිකා බෙදීමේ වැඩසටහන කි‍්‍රයාත්මක කරන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම සියලු නායකයින් මෙම අවස්ථාවේදී රටට අත්‍යවශ්‍ය වන බවයි මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේ.

පා ගමන අවසානයේ කොළඹ හයිඩ් පිටියේ පැවැත්වීමට නියමිත විරෝධතා රැළිය කඩාකප්පල් කිරීමට ආණ්ඩුව උත්සහ කළහොත් නීති කැඞීමට වුවද සූදානම් බව මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.