Friday, September 20, 2024

General line - 0115112241

නාමල්ට එරෙහි නඩුව අගෝස්තු මස 3 වෙනිදා විභාගයට




අධිකරණයට සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන අගෝස්තු මස 3 වෙනිදා සලකාබැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) තීරණය කළා.

සිද්ධියට අදාළ පැමිණිල්ල අගවිනිසුරුවරයා ඇතුළු ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ පැමිණිල්ල සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූවා.

කෙසේ වෙතත් එහිදී නාමල් රාජපක්ෂ මහතාගේ නීතිඥයින් ප‍්‍රකාශ කළේ අදාළ පැමිණිල්ලට අදාළ කිසිඳු තොරතුරක් මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බවයි.

ඒ අනුව පැමිණිල්ලට අදාළ සියලු ලේඛන අල්ලස් කොමිසම විවෘත අධිකරණයේදීම නාමල් රාජපක්ෂ මහතාගේ නීතිඥයින්ට ලබාදුන්නා.