Friday, September 20, 2024

General line - 0115112241

ඉරානයේ තෙල් යළිත් ලංකාවට




ඉරානයෙන් යළි ඛනිජ තෙල් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඉරානයට පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමත් සමග මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි සහ ඉරාන බලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ (24) පැවැත්වුණා. ‍

එහිදී මේ පිළිබඳ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු වූ බවයි ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍යංශය ප‍්‍රකාශ කළේ.

2012 වසරේ සිට පනවා තිබූ සම්බාධක හේතුවෙන් ඉරානයෙන් ඛනිජ තෙල් මිලට ගැනීම ශ‍්‍රී ලංකාව විසින් අතහැර දමා තිබුණා.

කෙසේ වෙතත් සම්බාධක ඉවත් කිරීම නිසා යළි ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.

ඉරානයෙන් ඛනිජ තෙල් ආනයනය කිරීම තුළින් ශ‍්‍රී ලංකාවට වැඩි වාසි අත්පත් කරගැනීමට හැකි බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍යංශය ප‍්‍රකාශ කළා.