Tuesday, May 14, 2024

General line - 0115112241

පර්පචුවෙල්  සමාගමෙන් සල්ලි ගත්තේ නැහැ - පුංචි නිළමේ කතානායකට දුන් දිවුරුම් ප්‍රකාශය මෙන්න (PHOTOS)

අමදෝරු අමරජීව - ත්‍රිකුණාමලය




බැදුම්කර සිද්ධියට සම්බන්ධ  පර්පචුවෙල්  සමාගමෙන් හෝ ඊටඅදාල වෙනත් සමාගමකින්  කිසිදු  ද්‍රව්‍යමය  හෝ මුල්‍යමය  ප්‍රතිලාභයක්  ලබානොගත් බවට දිවුරුම් ප්‍රකාශයක්  කථානයක කරු ජයසුරිය මහතාට අද (05) පස්වරුවේ භාරදුන් බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය 16 දෙනාගේ කණ්ඩායමේ  ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත පුංචිනිලමේ පැවසිය.

කිසිදු මූල්‍ය හෝ ද්‍රව්‍යමය  ප්‍රතිලාභයක් ලබා නොගත්බව තහවුරු කිරිම අරමුණු කරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයයෙකු කරඇති අභියෝගය පිළිගනිමින්  මෙම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත පුංචිනිලමේ පැවසුවා.

උත්තරීතර  පාර්ලිමේන්තුවට මහජන ජන්දයෙන් 1994 අගෝස්තු  16දා  තේරිපත් වි  අඛණ්ඩව වසර 24ක් මේ දක්වා ගතකරණ තමන් මන්ත්‍රි ආචාර  ධර්මවලට අනූකුලව නිත්‍යානුකුල කාර්යයන්  හා කර්තව්‍ය ඉටු කර ඇති බවද හෙතෙම පැවසුවා. මේ අනුව පර්පචුවෙල්  සමාගමෙන් හෝ ඊට අනුබද්ධ  ආයතනයකින්  දැනුවත්ව හෝ නොදැනුවත්ව මුදල් හෝ ද්‍රව්‍යමය කිසිවක් ලබා නොගත්බව  තමා ගෞරව බහුමානයෙන් යුතුව ප්‍රතිඥාවට අත්සන්කර  දිවුරුම් ප්‍රකාශය ලබාදුන් බව  මන්ත්‍රිවරයා කීය.

මෙම වංචනික ක්‍රියාවට සම්බන්ධ නැති බවට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තුමන්ත්‍රි  උදය ගම්මන්පිල දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තුවේ  මැති ඇමැතිවරුන්ට   අභියෝගයක් කර තිබෙනවා.