Saturday, May 4, 2024

General line - 0115112241

නෙදර්ලන්ත අගමැතිවරයාට ඇබැද්දියක් : පාර්ලිමේන්තුව සුද්ද කරයි (VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




දිනෙන් දින ලොව දේශපාලන කරළියේ සිද්ධ වෙන්නේ අපුරු සිදුවීම්. සමහර දේශපාලඥයින් තමන්ගේ තත්ත්වය ලොව ඉදිරියේ පෙන්වන්න උත්සහ කරද්දී යුරෝපයේ සිටින දේශපාලඥයින් තමන්ගේ තිබෙන නිරංහකාරත්වය පෙන්නුම් කරන්නේ සුළු සිදුවිම් රැසක් පසුගිය කාලයේ අන්තර්ජාලය පුරා සැරිසරන ආකාරය අපි දුටුවා. මේ එවැනි අවස්ථාවක්.

නෙදර්ලන්තයේ අගමැති මාර්ක් රූට් සුපුරුදු පරිදි පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වෙන්න ඊයේ (04) පාර්ලිමේන්තු සංකිර්ණයට පැමිනියේ තමන්ට හුරු කෝපි කෝප්පයත් අරගෙන. නමුත් එසේ පැමිනි ඔහුට සිද්ධ උනේ කවුරුත් බලාපොරොත්තු නොවුනු දෙයක්. ඒ ආරක්ෂිත පිවිසුමේදි ඔහුට අත් වැරදිමකින් කෝපී කෝප්පය බිම වැටෙනවා. නමුත් පාර්ලිමේන්තු කොරිඩෝව පුට්ස් කෝපී විසිරිලා තිබියදි එතැනින් ඉවත්ව නොගිය නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා මදක් බලන් සිටියේ එය පිරිසිදුකරන පුද්ගලයා පැමිණෙන තුරුයි.

බිම විසිරි තිබෙන කෝපී ටික පිරිසිදු කරන්න පැමිණි සේවිකාව පැමිණි පසු ඇයගෙන් "මොප්" එක ඉල්ලා ගත්ත නෙදර්ලන්ත අගමැතිවරයා තමන්ගෙන් සිද්ධ උනු අත්වැරැද්ද තමන් විසින්ම නිවරදි කර ගන්නවා මෙන් බිම පිරිසිදු කළ අයුරු කැමරාවේ සටහන් වෙලා තිබුනා. දේශපාලඥයෙක් කියන්නේ ජනතා සේවකයෙක් කියන එකට නෙදර්ලන්ත අගමැතිවරයා නව අරුතක් එක් කළ බවයි එරට ජනතාව මෙම විඩියෝව නැරඹිමෙන් පස්සේ කියලා තිබ්බේ