Saturday, December 28, 2024

General line - 0115112241

හිටපු ඇමති බන්දුල ඇමති මලික්ට ප‍්‍රසිද්ධ විවාදයකට ඇරයුම් කරයි

ලහිරු කපුගේ




ශී‍්‍ර ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ විවාදයකට පැමිණෙන්නැයි විෂයභාර අමාත්‍ය මලික් සමරවික‍්‍රමට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. කොළඹ අද (05) පැවැති මාධ්‍ය හමුවකදී මන්ති‍්‍රවරයා එම අභියෝගය සිදු කළා.

මෙම ගිවිසුම මගින් ක්ෂේත‍්‍ර ගණනාවක් අනාගතයේදි හෝ බේරා ගත නොහැකි අයුරින් පාවාදීමකට ලක් කෙරෙන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙහිදී කියා සිටියේ.