Thursday, May 16, 2024

General line - 0115112241

කිහිප දෙනෙක් එජාප අපේක්ෂකයාට ඡන්දෙ දුන්නා - ඇතුළේ අවුලක් ගැන SB හෙළිකරයි

සමන්ත කුමාර/ දිල්ෂාන් තුෂාර




නියෝජ්‍ය කතානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේගේ නම යෝජනා කිරීම අසංවිධානාත්මකව සිදුවූ කටයුත්තක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පවසනවා.

විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් සැලකිය යුතු පිරිසක් අදාළ අවස්ථාවේ ඡන්දය ලබාදීම සඳහා නොපැමිණීම පිළිබද කණගාටු වන බවද මන්තී‍්‍රවරයා නෙත් නිවුස් වෙත කියාසිටියා.

මේ පිළිබඳ නෙත් නිවුස් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. බී. දිසානායකගෙන් කරුණු විමසීමක් කළා.

ඔහු සඳහන් කළේ "ඡන්දය දීමේදී පොඩි පොඩි ප්‍රශ්න නිසා ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරු ආවේ නෑ. ඡන්දේ වැටිලා තියෙන විදිහ අනුව බැලුවාම.. ශ්‍රීලනිප, එජනිස ආණ්ඩුවේ හිටපු මන්ත්‍රිවරු කිහිපදෙනෙක් ඇරෙන්න අනික් අය අපිට ඡන්දය දීලා තියෙනවා. ඒ වගේම කිහිපදෙනෙක් එජාප අපේක්ෂකයාට ඡන්දය දීලා තියෙනවා." යනුවෙනි. 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මන්තී‍්‍රවරිය නියෝජ්‍ය කතානායක ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇති බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. බී. දිසානායක නෙත් නිවුස් වෙත කියාසිටියා.

"කණ්ඩායම් රැස්වීමේදී ප්‍රසන්න රණතුංග මන්ත්‍රිතුමා මෙතුමියගේ නම පිළිබඳ ප්‍රශ්නයක් මතු කරලා තිබ්බා. ඊට පස්සේ හිටපු ජනාධිපතිතුමාගේ උපදේශය වෙලා තිබුණේ එතුමට එළියෙන් ඉන්න..අනික් අය ඡන්දෙ දෙන්න කියන එක. නමුත් කිහිපදෙනෙක්ම ඡන්දෙන් වැළකිලා හිටියා.. මම හිතන්නේ ප්‍රසන්න වගේ අය බලපෑම් කරලා වෙන්න ඇති ඒ අය එළියට ගන්න ඇත්තේ." යනුවෙන්ද සඳහන් කළා.

ජනතා විමුක්ති පෙරමුණ ඊයේ පැවති ඡන්ද විමසීමේදී ඡන්දය දීමෙන් වැළකී සිටියා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්ස සඳහන් කළේ එජාපයේ සහ ශ්‍රීලනිපයේ බල පොරයට වැටෙන්නට ජවිපෙ සූදානම් නැති බවයි.

ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍ර කණ්ඩායමක් සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ දහසයේ කණ්ඩායම අතර පවතින මතගැටුමක් මෙම ඡන්ද විමසීමෙන් පැහැදිලි වූ බවද පාර්ලිමේන්තු මන්ති‍්‍ර නලින්ද ජයතිස්ස වැඩිදුරටත් පෙන්වා දුන්නා.