Wednesday, May 15, 2024

General line - 0115112241

12වැනිදා සිට අඛණ්ඩ වර්ජනයක්

නිශාන් ද සිල්වා




තම ඉල්ලීම් සඳහා විසදුම් ලබාදීමට බලධාරීන් අපොහොසත්වීම හේතුවෙන් ලබන 12 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය තාක්‍ෂණ සේවා වෘත්තිය සමිති කමිටුව පවසනවා.

ඒ පිළිබද කරුණු දැක්වූ එම කමිටුවේ ලේකම් කමල් පීරිස් සඳහන් කළේ රජයේ බලධාරීන් සමග සිදු කළ සාකච්ඡා අනුව පොරොන්දු ඉටු නොවීම හේතුවෙන් යළි මෙම තීරණයට එළඹි බවයි.