Friday, May 17, 2024

General line - 0115112241

ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ කබඩි තරගාවලිය අද ඇරඹෙයි

ටී කේ මහින්ද




තිස් වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ කබඩි තරගාවලිය ලබන 9 සහ 10 යන දිනවල දී මහරගම තරුණ මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. කාන්තා සහ පිරිමි තරග මෙහි දී පැවැත්වෙන අතර කණ්ඩායම් පනස් දෙකක් තරඟාවලියට සහභාගී වනවා.

ව්‍යාපෘති කළමනාකරණ ,තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව,ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව තරගාවලිය සංවිධානය කොට තිබෙනවා.

ක්‍රීඩා උළෙලේ සමාරම්භක අවස්ථාවට ජාතික තරුණ තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්දික වැලිඅංගේ  සහභාගි වනවා.